Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2024 08:00:00 Hours

ළමා නිවාසයන් වෙත ත්‍යාග පාර් සල් බෙදාදීම

අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයක් අනුව ،සීමාසහිත සිලෝන් බිස්කට්٫ (CBL) අයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් වෙත සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ත්‍යාග පාර් සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රීයාත්මක කරන ලදි.

ඒ අනුව ආරක්‍ෂක සේනා (මධ්‍යම( ආඥාපති තුමන් ගේ උපදෙස් අනුව 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මඟ පෙන්වීම මත 12 පාබල සේමු, 121 පාබසේමු, 122 පාබසේමු, 18 ගැහේබ හා 3 ශ්‍රිලංජාආබමු යන ස්ථානයන් හි ජ්‍යෙෂ්ඨ නිලධාරි, නිලධාරි හා සෙසුනිළයින්ගේ සහභාගීත්වයෙන් එස්ඕඑස් ළමා ගම්මානය, සමාධි ළමා සංවර්ධන මධ්‍යස්ථානය, සෙවන බාළිකා සංවර්ධන මධ්‍යස්ථානය, රවි ශංකර් ළමා නිවාසය, ලුවිස්මේරි ළමා සංවර්ධන මධ්‍යස්ථානය, කැනඩාපුර ළමා නිවාසය, එළිය ළමා නිවාසය, මෙත්මල් සෙවන ළමා නිවාසය, කාංචනදේව ළමා නිවාසය හා සිතිජය ළමා නිවාසය යන මධ්‍යස්ථායන් හි පිරිමි ළමුන් 147 දෙනෙකු සහ ගැහැණු ළමයි 223 දෙනෙකු සඳහා ත්‍යාග පාර්සල් බෙදාදීමට කටයුතු කරන ලදි.