Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th April 2024 15:11:40 Hours

2024 වර්ෂයේ ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමගාමීව ආරක්‍ෂක සේනා (මධ්‍යම) පැවැත්වු බක්මහ සැණකෙළිය

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ උපදෙස් අනුව 2024 වර්ෂයේ ලබන්නාවු සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාව වෙනුවෙන් 2024 අප්‍රේල් මස 12 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) හි රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිළයින් උදෙසා මුතුකුමාරණ ක්‍රීඩාංගනයේදි අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි.

මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමාන් හා එම මැතිණිය, ආරක්‍ෂක සේනා (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා එම මැතිණිය මෙන්ම ආරක්‍ෂක සේනා (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, නිලධාරිනියන් හා සෙසුනිළයන් මෙන්ම එම පවුල්වල සාමාජික/සාමාජිකා මහත්ම මහත්මියන්ද ඔවුන්ගේ දුවා දරුවන්ද මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගි වන ලදි.

පළමුව ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ සුරතීන් පොල් තෙල් පහන චාරිත්‍රනුකූලව දැල්වීමෙන් පසු උත්සව අවස්ථාව ආරම්භවු අතර, එම මෙහොතේ සිට පුරා පැය හතරක වැඩි කාලසිමාක් තුල පිරිමි/ගැහැණු කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, කණාමුට්ටි බිදීම, බාදක දිවීම, අවුරුදු කුමර/කුමරියෝ තේරීම, කොට්ටපොර වැනි තවත් විවිධ විශේෂාංග වලින් උත්සවය වර්ණවත් වු අතර, එම තරඟාවලියේ අවසානයේ ජයග්‍රාහනය කරනු ලැබු අයවළුන් හට හා කණ්ඩායම් වෙත වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු කිරීමෙන් පසු උත්සවයේ සමාප්තිය සනිටුහන් කරන ලදී.