Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

14th April 2024 11:45:51 Hours

කඹුරුපිටිය ،අභිමංසල2٫ රණවිරුවන් හට යුද්ධ හමුදාධිපති සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුභාසිංශන පිරිනැමීම

මාතෘ භූමිය වෙනුවෙන් තම වටිනා තාරුණ්‍යය කැප කොට රණක්‍ෂිතයට පත්ව දීර්ඝකාලීනව නේවාසිකව ،අභිමංසල٫ සුවසහන නිකේතනයන් හි දිවි ගෙවන රණවිරුවන් සමඟ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සතුට බෙදා ගැනීමේ වැඩසටහන් මාලාවක් යුද්ධ හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන් පාංගොල්ල ،අභිමංසල 3٫ නිකේතනයේදි සිදු කිරීමට කටයුතු යෙදුනු අතර, ඊට සමගාමිව අනෙකුත් ،අභිමංසල٫ මධ්‍යස්ථානයන් හිද 2024 අප්‍රේල් මස 10 වන දින වැඩසටහන් ක්‍රීයාත්මක කිරීමට කටයුතු යෙදුණි.

ඒ අනුව ،අභිමංසල 2٫ කඹුරුපිටිය සුවසහන මධ්‍යස්ථානයේ දි පැවැත්වු වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සීඑස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පීඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වන ලදි. එහිදි නේවාසික රණවිරුවන් 13 දෙනෙකු හා උපස්ථායක සෙනීන් 11 නෙනෙකු සඳහා යුද්ධ හමුදාධිපති විසින් ඔවුන් වෙත ලබාදීම සඳහා එවන ලද අලුත් අවුරුදු තිලිණ සේනාංකාධිපති විසින් ලබාදීම සිදුකරන ලදි.

මෙහි දි සේනාංකාධිපති විසින් එතෙක් පැවැති සංචාර හා අවුරුදු සැමරුම් ක්‍රමවේදයන් සම්පුර්ණ වෙනස් මඟකට ගෙන එමින් ඒ සඳහා නව මුහුණුවරක් ලබා දි ඔහුන්ගේ උපදෙස් මත රණක්‍ෂිතයට පත් රණවිරුවන් හට සහභාවිය හැකි අවුරුදු ක්‍රීඩා කිහිපයක් සුදානම් කරමින් ඔහු ද ඒ සඳහා සහභාගිවෙමින් රණවිරුවන් හට සුවිශේෂි අද්දැකීමක් මෙන්ම විනෝදාශ්වාදයක් ගෙනදීමට සමත් වන ලදි. ඉන් අනතුරුව සෑමදෙනා එක්ව ලබාගන්නා ලද තේ පැන් සංග්‍රාහයේදි සේනාංකාධිපති හා රණවිරුවන් අතර සුහද කතාබහක නිරත වන්නට විය.