Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

13th April 2024 19:39:27 Hours

මොණරාගල දිස්ත්‍රීකයේ කොස්ලන්ද ප්‍රදේශයේ ගංජා වගාවක් වැටලීම

12 වන පාබල සේනාංකයේ 121 පාබල බලසේනා මූලස්ථානය යටතේ බුද්ධි රාජකාරින් ඉටු කරනු ලබන යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන් හට ලද තොරතුරකට අනුව මොණරාගල දිස්ත්‍රීක්කයේ කොස්ලන්ද ප්‍රදේශයේ කෙසෙල් වගාවක් තුල රහසිගතව පවත්වාගෙන යන ගංජා වගාවක් 2024 අප්‍රේල් 09 වන දින ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි වැටලීමකට ලක් කරන ලදි.

ඒ අනුව අක්කර ¾ පමණ වපසරියෙකින් යුත් ඉඩමක අඩි 08 ක් පමණ උස ගංජා පැල 160 ක් හා උස අඩි 03 ක් පමණ වන පැල 12200 ක් සමඟ වගාව නඩත්තු කල පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. මේ සදහා යුද්ධ හමුදා බුද්ධි ක්‍රියාකරුවන්ගේ සහායට ඇඹිලිපිටිය උප ඒකක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ගේ සහය ලබාගෙන ඇති අතර, අත්අඩංගුවට ගනු ලැබූ ගංජා පැල එම ස්ථානයේ දී විනාශ කිරීමට කටයුතු කර අත්අඩංගුවට පත් පුද්ගලයා වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කොස්ලන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.