Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2024 21:51:37 Hours

හන්තාන කඳු ප්‍රදේශයේදි අතරමන් වු යුවලක් බේරා ගැනීම

11 පාබල සේමු බළප්‍රදේශයට අයත් හන්තාන කඳු ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා 2024 අප්‍රේල් මස 06 වන දින වයිආර් චමින්ද පිරිස් වයස 44 වන පිරිමි පුද්ගලයකු සහ ඒඑම්ජි චතුරාංගනි අබේකෝන් වයස 34 ක් වන ගැහැණු අයෙකු පැමින ඇති අතර, එම යුවල හන්තාන කඳු ප්‍රදේශයේ අතරමංව සිටින බවට 2(සෙව්) ශ්‍රිලංසීරෙ වෙත එදින 1400 පැයට පමණ තොරතුරක් ලැබි ඇත.

ඒ අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමන්ගේ පූර්ණ මඟපෙන්වීම මත 111 පාබල බළසේනාධිපති තුමාගේ අධික්‍ෂණය යටතේ 2100 පැයට පමණ 02 x 05 යුත් භඨ පිරිසක් එම ප්‍රදේශය වෙත රපෝර්තු කරවීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව 2024 අප්‍රේල් මස 07 වන දින 0230 පැයට පමණ එම යුවල 2(සෙව්) ශ්‍රිලංසීරෙ භඨ පිරිස් විසින් ආරක්‍ෂිතව මුදවා ගැනීමට සමත් විය.