Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

12th April 2024 21:05:56 Hours

දියතලාව විරු කැකුළු පෙර පාසලේ දුවා දරුවන්ගේ අලුත් අවුරුදු උත්සවය පැවැත්වීම

ආරක්‍ෂක සේනා (මධ්‍යම) ආඥාපති තුමන් ගේ මග පෙන්වීමට අනුව 2024 අප්‍රේල් මස 10 වන දින දියතලාව විරු කැකුළු පෙර පාසලේ ආදරණිය දුවා දරුවන් වෙනුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිතිකොටගෙන සිඟිති අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදි.

මෙම උත්කර්ෂවත් අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති තුමාන් හා එම මැතිණිය, ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා එම මැතිණිය මෙන්ම ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා නිලධාරිනියන් පිරිසක් මෙන්ම සෙසුනිළයන් ද ආරාධිත අමුත්තෙකු ලෙස මහජන බැංකුව දියතලාව ශාඛාවේ කළමණාකාර තුමා ද මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදි.

පලමුව කිරි ඉතිර‍වීමේ චාරිත්‍රය සිදුකිරිමෙන් පසු එම අවස්ථාව අලංකාරවත් කිරීම සඳහා පෙර පාසලේ දූවා දරුවන් විසින් විචිත්‍රවත් නැටුම් ඉදිරිපත් කිරීම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, කණාමුට්ටි බිදීම, දීවීම හා ගෝණි රේස් වැනි විවිධ විශේෂාංගයන් වලින් උත්සවය විචිත්‍රවත් කරන ලදී.