Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th August 2023 20:10:23 Hours

යුද්ධ හමුදා භඨපිරිස් මැදිහත්වීමෙන් හදිසි ගිනිගැනිමක් මැඩපැවැත්වීම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 11 පාබල සේනාංක මුලස්ථාන බළප්‍රදේශයට අයත් මහියංගනය උඩුදුම්බර කහටගොල්ල කඳු ප්‍රදේශයේ 2023.08.03 වන දින ලැව් ගින්නක් ඇති වු අතර එම ගිණිගැනිම සැලවීමත් සමඟ ආරක්‍ෂක සේනා ආඥාපති ‌ තුමාගේ උපදෙස් පරිදි 5 (සෙව්) ශ්‍රිලපාහ ඒකකයට අයත් එක් නිලධාරීයෙකු හා සෙසු නිලයින් විසිහත්දෙනෙකුගෙන් යුත් භඨ පිරිසක් එම ස්ථාන වෙත යොමු කරවා දැඩි පරිශ්‍රමයක් යොදවා ගිණිගැනීම සම්පුර්ණයෙන් මැඩපැවැත් වීමට කටයුතු කරන ලදී.