Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th June 2023 09:30:00 Hours

මෙම මුලයෙහි බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) තනතුර භාරගැනිම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ සෙව් කාර්යාලයේ නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් නි/3366 බ්‍රිගේඩියර් ඵ්ස්කේඵම්ඵම්ඵන්කේ මහන්තේ කේඵස්පී ශ්‍රිලංසිරෙ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 ජුනි මස 19 වන දින පෙ:ව 0904 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ සෙව් කාර්යාලයේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.