Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th June 2023 11:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භටපිරිස් සහභාගීත්වයෙන් කහගොල්ල ශ්‍රී ඥාණාරාම ආරණ්‍ය විවේකාශ්‍රාමය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් කහගොල්ල ශ්‍රී ඥාණාරාම ආරණ්‍ය විවේකාශ්‍රාමයේ වනවාසීව සහ භාවනානියෝගීව වැඩවාසය කරණු ලබන භික්ෂූ‍න් වහන්සේලාගේ නේවාසික පහසුකම් වෙනුවෙන් ඉදිකිරීම් ආරම්භ කර ඇති කාමර කපරාරු කිරීම සහ විහාරස්ථාන භුමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2023 ජුනි මස 09 වන දින තුල සිදුකරන ලදි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මඟපෙන්විම මත සිදු කරන ලදි.මේ සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නිලධාරින් හා සෙසුනිලයින් පිරිසක් ශ්‍රමදායකත්වය ලබාදෙන ලදී.