Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th May 2023 09:30:00 Hours

පාලනය කල මනසක්, ප්‍රීතිමත් ජීවිතයක් සහ නීතිය පිළිබඳ මනෝවිද්‍යාත්මක පැතිකඩ යන තේමාව යටතේ එක්දින වැඩමුළුවක් පැවැත්වීම

පාලනය කල මනසක්, ප්‍රීතිමත් ජීවිතයක් සහ නීතිය පිළිබඳ මනෝවිද්‍යාත්මක පැතිකඩ යන තේමාව යටතේ එක්දින වැඩමුළුවක් 2023.05.10 වන දින 0900 පැයේ සිට 1300 පැය දක්වා ආසේමු (බටහිර) හීදී පවත්වන ලදී. අදාල දේශණයන් සඳහා මනෝවිද්‍යා උපදේශිකා අමා දිසානායක මහත්මිය හා නීතීඥ මේධා ද අල්විස් මහත්මිය සහභාගි වු අතර, එමගින් යුද්ධ සාමාජිකයින් විවිධ වු අභියෝග වලට මුහුණ දෙමින් දෛනික රාජකාරි සිදු කිරීමේදී ශක්තිමත් මානසික සුවයකින් යුතුව සමබර වෘත්තියමය සහ පුද්ගලික ජීවිතයක් පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන ලදි. මෙම දේශණය (ZOOM) තාක්‍ෂණය ඔස්සේ මෙම මුලයේ රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගි වන ලදි.