Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th May 2023 14:30:00 Hours

විවිධ කායික හා මානසික ගැටළු හෙතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම වලක්වා ගැනීම සඳහා දේශණයක් පැවැත්වීම.

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් වර්ථමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විවිධ කායික හා මානසික ගැටළු හෙතුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීම අරමුණූ කරගෙන යුහ නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය වෙතින් දේශණයක් 2023.05.10 වන දින 1400 පැයේ සිට 1700 පැය දක්වා ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨ ටෝර්ච් සිනමා ශාලාවේදී පවත්වන ලදි.

එම දේශණය විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්එම්එම් මොනරාගල යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගි වු අතර, එමගින් යුද්ධ සාමාජිකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකී සෞඛ්‍ය සම්පන්න මානසික සුවයකින් යුතුව සමබර ජීවිතයක් පවත්වාගෙන යාම පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කර දෙන ලදි. 33 ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන පුහුණු පාසල්, ඒකකයන් හා මෙම මූලය අවට සියළු යුහ කඳවුරුහී රාජකාරි නියතු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/ නිලධාරින් 30 ක් හා සෙසුනිලයින් 300 ක් සහභාගි වන ලදි.