Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

09th May 2023 09:30:00 Hours

20 ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවෙ ශ්‍රමදායකත්වයෙන් පාසල් ළමුන් සඳහා ජල පිරිපහදු ස්ථානයක් සකසාදෙන ලදී

20 ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ගෝණගංආර ප්‍රදේශයේ ජිවත්වන සිවිල් ජනතාව බීමට ලබා බන්නා ජලය ඉතා අපිරිසිදු තත්වයක පවතින බැවින් ඵම ප්‍රදේශයේ ජිවත්වන සියලු දෙනා හට ප්‍රයෝජනවත් වන ජල පිරිපහදු ස්ථානයක් නිර්මාණය කිරිම සුදුසු බව හදුනා ගන්නා ලදි.

මෙම වැඩසටහන 20 ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු‍වෙ ඵ්කක අණදෙන නිලධාරිගේ පුර්ණ අධික්ෂණය මත පරිත්‍යාගශිලියෙකු සොයා ගැනිමෙන් පසු ඵම ප්‍රදේශයෙහි ඇති අඩුපාඩු පෙන්වා දී ගෝණගංආර ප්‍රදේශයේ ඇති දිලිදු පාසලක් වන ළමුන් 300 ක් පමණ අධ්‍යාපනය ලබන බුත්තල මො/ගොණගංආර කණිෂ්ඨ විද්‍යාලය සදහා ජල පිරිපහදු ස්ථානයක් නිර්මානය කිරිමට අණදෙන නිලධාරිගේ ඉල්ලිම මත අධිවිනිසුරු අධිනිතිඥ ජෙනරාල් බ්‍රිගේඩියර් ආර්ඩිඩි පතිරන යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ඔහු සමග සම්බන්ධ වු පරිත්‍යාගශිලින් ඵ් සදහා මුදල් හා අමුද්‍රව්‍ය ලබාදිමෙන් පසු ඵ්කක භඨ පිරිස් හි ශ්‍රමදායකත්වය මත ඵම කටයුත්ත සාර්ථකව නිමකර 2023.04.09 වන දින සිසු අයිතියට හා ජනතාවට භාරදෙන ලදි.

ඒ අනුව ඵදිනට සමගාමිව ඵම පාසලෙහි ඉගෙනුම ලබන ළමුන්ගේ ශ්‍රේණි වලට අදාල පොත් කට්ටල /ලිපි ද්‍රව්‍ය 310 ක ප්‍රමාණයක් /පාසල් පාවහන් හා ළමුන් සහ ගම්වාසින් සඳහා දිවා ආහාරයද ලබාදි ප්‍රදේශයෙහි දුගි ජනතාවට මී පැල බෙදා දීමේ වැඩසටහනක් සිදුකරන ලදි.