Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

08th May 2023 09:30:00 Hours

11 පාබල සේනාංක මුලස්ථානය වෙතින් පාසල් සිසුන් සදහා පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් සිදුකරන ලදි

11 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඵස් ආර් බි අළුවිහාරෙ ආර්ඩබිලිවිපි ආර්ඵස්පි යුඵස්පි ඵන්ඩියු පිඵස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව පූජ්‍ය අස්ගිරි මහා විහාර වාසී මහා පිරිවෙන් ආචාර්ය ශ්‍රි සුමන තිස්ස දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය පූජ්‍ය හඳගනාවේ විමලධම්ම ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් යුතුව මාතලේ මාතලාපිටිය විද්‍යාලයේ අඩු ආදායම් ලබන දෙමාපියන්ගේ දරු දැරියන් හට පාසල් පොත් හා උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් 2023.05.08 වන දින ඵම විද්‍යාලයේදි සිදුකරන ලදි. මේ සදහා ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ කළමණාකාර අධ්‍යක්‍ෂ චානුක විජයකෝන් මහතා සහ එම මහත්මියගේ පූර්ණ ධන පරිත්‍යාගය ලබාදෙන ලදි.

තවද, ඒ සඳහා 111 පාබල බසේමු බලසේනාධිපති, මාතලේ කලාප අධ්‍යක්‍ෂිකා ජෙ ආර් ඩබ්ලිව් කේ ජයසූරිය මහත්මිය, විදුහල්පති හර්ෂ විකුම්සිංහ මහතා,රාජකාරියේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් / නිලධාරීන් හා සෙසු නිලයින් පිරිසක් සහභාගිවන ලදි.