Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th May 2023 09:30:00 Hours

23 වන ගජබා රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද හ/බුන්දල කණිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සදහා පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් සිදුකරන ලදි

12 පාබල සේනාංක මුලස්ථාන බල ප්‍රදේශයට අයත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි හ/බුන්දල කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් ළමුන් 59 දෙනෙකු සදහා ඵක් අයෙකු වෙනුවෙන් රුපියල් 2500.00 ක් පමණ වටිනාකමකින් යුත් පාසල් පොත් හා උපකරණ කට්ටල බෙදාදිමේ වැඩසටහනක් 2023.05.04 වන දින ඵම විද්‍යාලයේදි සිදුකරන ලදි. මේ සදහා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දැනට විදේශගතව රැකියාවේ නියුතු නිලන්ති පොන්නම්පෙරුම මහත්මිය සහ චමින්ද පොන්නම්පෙරුම මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් යුතුව 23 ගජබා රෙජිමේන්තුව වෙතින් වැඩසටහන සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන 12 පාබල සේනාංකයෙහි සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ සිදුකල අතර, ඵ් සදහා 12 පාබල සේනාංකයෙහි සේනාංකාධිපති ‍මේජර් ජෙනරාල් ජීඵම්ඵන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්ඵස්පී යූඵස්පී ඵන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 12 පාබල සේනාංකයේ කර්නල් ප්‍රමානි, 12 පාබල සේනාංකයේහි සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 23 ගජබා රෙජිමේන්තුවේ ඵ්කක අණදෙන නිලධාරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී වන ලදි. මිට අමතරව ඵම විදුහලේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය සහ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව ඔවුන්ගේ දෙමව්පියන්ද මෙම වැඩසටහන සඳහා සහභාගිවන ලදි.