Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th April 2023 11:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) භටපිරිස් සහභාගීත්වයෙන් හල්දුම්මුල්ල සෝරගුණේ ‌ඵෙතිහාසික කුඩා කතරගම දේවාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් හල්දුම්මුල්ල සෝරගුණේ ‌ඵෙතිහාසික කුඩා කතරගම දේවාල භුමිය ශුද්ධ පවිත්‍ර කිරීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 27 වන දින තුල සිදුකරන ලදි.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මඟපෙන්විම මත භටපිරිස් 50 ක සහභාගීත්වයෙන් සිදුකරන ලදී.මේ සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) යටතේ පාලනය වන 7 ශ්‍රිලංසංබ, 17 ඉසේරෙ, 8 ශ්‍රිලයුසේබ, 2 (සෙව්) ශ්‍රිලවියාඉරෙ ඒකක වෙතින්ද භටපිරිස් මේ සඳහා ශ්‍රමදායකත්වය ලබාදී ඇත.