Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

21st April 2023 09:00:00 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් ඉංජිනේරු සේවා බළකායට අයත්, කර්නල් එන් ඩබ්ලිව් පී එස් එම් පෙරේරා (නි/63461) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අප්‍රේල් මස 21 වන දින පෙ:ව 0942 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සඳහා (පාලන/ භකාස) ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් (පාලන/ භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

තවද, එම අවස්ථාවෙහිදී ලබා ගන්නා ලද ජායාරූප මේ සමඟ ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එය රණවිරුවා සඟරාවේ පළකර දිමට ඇවැසි ඉදිරි කටයුතු සිදුකර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.