Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th April 2023 09:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව මානි 1 (පාලන) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව මානි 1 පාලන තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබා පාබල රෙජිමේන්තුවට අයත්, නි/65015 ලුතිතන් කර්නල් SRKD සිරිසේන RSP USP යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අප්‍රේල් මස 04 වන දින පෙ:ව 09.10 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලයන් විසින් නව මානි 1 පාලන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

තවද, එම අවස්ථාවෙහිදී ලබා ගන්නා ලද ජායාරූප මේ සමඟ ඔබ අම වෙත ඉදිරිපත් කරනු ලබන අතර, එය යුද්ධ හමුදා වෙබ් අඩවියේ, මුහුණු පොතේ හා රණවිරුවා සඟරාවේ පළකර දිමට ඇවැසි ඉදිරි කටයුතු සිදු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.