Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

31st March 2023 11:30:00 Hours

ඓතිහාසික මහියංගන රජ මහ විහාරස්ථානයේ දී පැවැත්වූ උත්සව මාලාව සදහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) වෙතින් දායකත්වය ලබාදෙන ලදී

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පූර්ණ මඟපෙන්විම හා උපදෙස් මත රට දැය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන්/වීරවරියන් සහ ක්‍රියාන්විතයේදී රණක්ෂිතයට පත් මෙන්ම දැනට සේවයේ නියුතු රණවිරු නිලධාරි/සෙසුනිලයින් වෙත පිංපෙත් අනුමොදන් කර ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් යුතුව ඓතිහාසික මහියංගන මහ සෑ රදුන්ගේ අබියසදී 2023.03.30 වන දින සිට 2023.03.31 වන දින උදෑසන දක්වා පිංකම් මාලාවක් සිදුකරන ලදී.

එම පිංකම් මාලාව සාර්ථක කර ගැනිම වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් සහ 11 පාබල සේනාංක මුලස්ථානය වෙතින් 50 දෙනෙකු සහාභාගි වු අතර, ඒහිදි අශිර්වාද පුජාව සහ දානය පිළිගැන්විමේ කටයුතු සිදු කරන ලදි.