Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd March 2023 08:00:00 Hours

රට පුරා පවතින වැඩවර්ජන තත්ව‍ය හේතුවෙන් අඩාල වූ ‍දෛනික කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාව දායකත්වය දක්වන ලදි.

රටපුරා පවතින වෘතීය සමිති වැඩවර්ජනය හේතුවෙන් විවිධ සේවාවන්ට බාධා එල්ල වු අතර අඩාල වී ඇති අතවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා දායකත්වය දක්වන ලදි.

වැඩවර්ජන තත්වය හේතුවෙන් මෙම මූල ආඥාපති ‌ මේජර් ජෙනරල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ පූර් ණ අධික්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මධ්‍යම බළප්‍රදේශයට අයත් මහනුවර, නුවරඑළිය, බදුල්ල යන ප්‍රදේශයන්හී රෝහල්, දුම්රිය ස්ථාන වෙත මෙම මූලය යටතේ පාලනය වන පාබල සේමු, පාබල බසේමු, ඒකක වෙතින් යුද්ධ හමුදා සාමාජිකයින් යොදවා අඩාල වු අතවශ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන ලදී.