Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

02nd January 2023 08:00:00 Hours

2023 නව වසර උදාව - ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම)

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම උදා වු 2023 නව වසර සදහා වැඩ ආරම්භ කිරිමේ පෙරට්ටුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ආර් එම් එම් රත්නායක RWP RSP USP ndu යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023.01.02 වන දින 0900 පැයට පවත්වන ලදි. රාජකාරි නියුතු සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් / නිලධාරින් හා සෙසුනිලයින්ගේ සහභාගීත්වයෙන් ප්‍රථමයෙන් ජාතික ධජය හා ආරක්‍ෂක සේනා මුලස්ථාන මධ්‍යම ධජය ඔසවා ජාතික ගීය හා යුද්ධ හමුදා ගීතය ගයනා කරන ලදි.

තවද, සියළුම නිලධාරි/සෙසුනිළයින් රාජ්‍ය ප්‍රතිඥාව ලබාදිමෙන් පසු යුද්ධ හමුදාපති තුමන්ගේ නව වසරේ සුභ පැතුම ප්‍රකාශයට පත්කරන ලදී.අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් සියළුම නිළයින් ඇමතූ අතර, ලැබූවා වු නව වසරට සුභපැතුම් එක් කරමින් නව වසරේ ක්‍රමවත්ව රාජකාරී ඉටුකරන අයුරු පහදා දෙන ලදි. චාරිත්‍රානුකූලව සකස්කරන ලද තේ පැන් සංග්‍රහයක් මෙම මූල බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා බ්‍රිගේඩියර් පාලන භකාස ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර අනතුරුව සියළු නිළයින් නව වසරේ පළමු රාජකාරි දිනයේ වැඩ කටයුතු ආරම්භ කරන ලදි.