Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd December 2022 08:30:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව මානි 1 පාලන තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) නව මානි 1 පාලන තනතුර වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු හමුදාවට අයත්, නි/65382 ලුතිතන් කර් නල් එච්එස්එස්පී සෙනවිරත්න ශ්‍රීලකාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2022 දෙසැම්බර් මස 22 වන දින පෙ:ව 11.45 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව මානි 1 පාලන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.