16th June 2022 09:00:00 Hours
11 වන පාබල සේනාංකයේ බල ප්‍රදේශයට අයත් මහියංගනය දඹාන ආදිවාසී ජනතාව වෙත වෛද්‍ය සායනයක් හා වියළි සලාක ඇසුරුම් මළු 150 ක්, කිහිලිකරු බෙදාදීමේ වැඩසටහනක් 2022.06.16 වන දින 11 වන පාබල සේනාංකයේ සම්බන්ධීකරණයෙන් මහනුවර පිළිකා සංගමය විසින් සිදුකරන ලදි.
තවද, එම වෛද්‍ය සායනය සඳහා වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකු සහභාගි වු අතර, විවිධ රෝග සඳහා ඖෂධ ලබාදීම සිදුකරන ලදි. මහනුවර පිළිකා සංගමයේ සභාපති මොහාන් සමරනායක මහතා සහ 11 වන පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී කර්නල් ආර්බීසීයුකේ රත්නමලල ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගිත්වයෙන් මෙම කටයුත්ත සිදු කරන ලදී.