Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd November 2021 17:22:37 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම නව ආඥාපති සිය බලප්‍රදේශයේ පිහිටි 121 පාබල බ‍ළසේනා මූලස්ථායේ සංචාරයක නිරත වන ලදී

ඒ අනුව 121 පාබල බලසේනා මූලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩියුඑන් සේරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම පාබල බළසේනා මූලස්ථානයේ යටතේ පිහිටි බලප්‍රදේශය පිළිබඳව බළසේනාධිපති තුමන් විසින් විස්තර කිරිමෙන් පසුව ආඥාපති තුමන් විසින් කඳවුරු සංචාරයකද නිරත වන ලදී. එම අවස්ථාව සඳහා 12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්ඩී ප්‍රසන්න රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ඇතුලුව ඒකක අණදෙන නිලධාරි වරුන් මෙන්ම අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක්ද සහභාගි වන ලදි.