Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th June 2021 21:45:31 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි (ක්‍රියා) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන ශාඛාවේ නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඓඓ (ක්‍රියා) වශයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා රෙජිමෙන්තුවට අයත් නි/68891 මේජර් එන් ජී ටී යුශාන් නිලධාරි තුමන් 2021 ජුනි මස 14 වන දින පෙ:ව 0910 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම නිලධාරි තුමන් දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලධාරි/සෙසුනිලයින් විසින් නව ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඓඓ (ක්‍රියා) නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.