Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

10th June 2021 09:05:40 Hours

අවශ්‍යතා ඇති දිලිදු පවුල් 100 ක් සදහා වියළි සළාක ලබා දිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සම්බන්ධීකරණයෙන් ඇතිවී තිබෙන කොවිඩි 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් වු දිලිදු පවුල් සඳහා වෙල්ලස්ස ටීවී මාධ්‍ය අංශය එක්ව “කුසගිණි නිවන මානුෂීය මෙහෙයුම” යන තේමාව යටතේ හල්දුමුල්ල වීරකෝන් ගම්මානයේ දිලිදු පවුල් 100 ක් සඳහා වියළි සළාක බෙදා දීමේ වැඩසටහනක් 2021.06.08 වන දින පැවැත්වු අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනිම සඳහා ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) භඨපිරිස් සහයෝගය ලබා දෙන ලදි.