26th May 2021 09:34:30 Hours
රට තුල සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වයට ගොදුරු වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 122 වන පාබල සේනාංකයේ බළසේනාධ්පති බ්‍රිගේඩියර් පි කේ ඩබිලිව් ඩබිලිවි එම් ජේ එස් බ් ඩබිලිව් පල්ලේකුබුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අධික්ෂණය යටතේ නාකුළුගම ප්‍රාදේශීය රෝහලේ ගොඩනැගිල්ලක් 23 ගජබා රෙජිමේන්තුවේ , 3 වන ජාතික ආරක්ෂක බළමුළුව හා 10 (සෙව්) ඉසේරෙ එකයේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.18 වන දින එම රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.
තවද, එසේ නවීකරණ කටයුතු සිදුකල එම මධ්‍යස්ථානය 2021.05.18 වන දින සිට කොවිඩ් - 19 රොගීන් හට ප්‍රථිකාර කිරීම් කටයුතු ආරම්භ කරන ලදි.