Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

20th May 2021 17:10:59 Hours

තංගල්ල මූලික රෝහලේ ගොඩනැගිල්ලක් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට රෝහල් කාර්‍යය මණ්ඩලය වෙත භාර දෙන ලදී

රට තුල සිග්‍රයෙන් පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව හට ප්‍රථිකාර කිරිම සඳහා යුද්ධ හමුදාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර් ඒ ඩී පී රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන නිලධාරි තුමන්ගේ අධික්‍ෂණය යටතේ තංගල්ල මූලික රෝහලේ ගොඩනැගිල්ලක් 23 ගජබා රෙජිමේන්තුවේ හා 3 වන ජාතික ආරක්‍ෂක බළමුළුවේ භඨපිරිස් විසින් කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට නවීකරණය කොට 2021.05.13 වන දින තංගල්ල රෝහල් කාර්යය මණ්ඩලය වෙත භාරදෙන ලදි.

තවද, එසේ නවීකරණ කටයුතු සිදුකල එම මධ්‍යස්ථානය 2021.05.13 වන දින සිට කොවිඩ් - 19 රොගීන් හට ප්‍රථිකාර කිරීම් කටයුතු ආරම්භ කරන ලදි.