Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

07th May 2021 12:41:26 Hours

මෙම මුලයෙහි ප්‍රධාන ශාඛාවේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික තනතුර භාර ගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ප්‍රධාන මාණ්ඩලික ශාඛාවේ නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික වශයෙන් විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් නි/63250 කර්නල් එම් එල් ඩී එස් මොල්ලිගොඩ යුඑස්පි පිඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 මැයි මස 07 වන දින පෙ:ව 0835 පැයට යෙදුණු සුභ මොහොතින් රාජකාරි භාර ගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් ප්‍රධාන මාණ්ඩලික ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.