Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

22nd April 2021 17:07:14 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) වෙතින් පවත්වාගෙන යනු ලබන ජාශිබ රන්ටැබේ ආධුනික පුහුණු පාඨමාලා අංක 01 හි ආරම්භක දේශණය

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම වෙතින් පවත්වාගෙන යනු ලබන ආධුනික පුහුණු මධ්‍යස්ථානය අසේමු (මධ්‍යම) ජාශිබ රන්ටැබේ ආධුනික පුහුණු පාඨමාලා අංක 01 හි ආරම්භක දේශණය ආධුනික සෙබළුන් 394 ක් සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය හා මඟ පෙන්වීම යටතේ ආරම්භ කල අතර ආරම්භක දේශණය සඳහා 11 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්එම්එස්පීබී සමරකෝන් ආර්ඩබ්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සහභාගීත්වයෙන් 2021.04.16 වන දින පවත්වන ලදි.

ආරම්භක දේශණය සඳහා පුහුණු පාසලේ සේනාවිධායක වන නි/63195 කර්නල් එන්ඩිපි ගුණතුංග යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හා ප්‍රධාණ පුහුණු උපදේශක වන නි/63634 ලුතිතන් කර්නල් ආර්ආර්පි ලක්සිරි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් පිරිසක් සහභාගි වන ලදි .