Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th April 2021 17:55:42 Hours

ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත්වීම

පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් දිවයින තුල ඇති වී තිබෙන රුධිර අවශ්‍යතාවය වෙනු‍වෙන් පේරාදෙණිය මහ රෝහලේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මහනුවර ශාඛාව වෙතින් 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් හා පූර්ණ අධීක්‍ෂණය යටතේ 2021.03.29 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

එම වැඩසටහන සඳහා 11 පාබල සේනාංක මුලස්ථානයේ හා ඒ යටතේ පාලන වන 111 බසේමු /ඒකකයන් / පුහුණු පාසල් වෙතින් 110 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගි වු අතර, යුද්ධ හමුදාව මගින් ලබා දුන් දායකත්වය හා ලේ බිදක් දන් දි අසරණ රොගියෙකු වෙනුවෙන් කරන්නා වු මෙවැනි සත්ක්‍රියා ඇගයිමට ලක් කරමින් එහි පැමිණි සංවිධායක මණ්ඩලයේ නිලධාරින් විසින් ස්තුතිය පිරිනමන ලදි.