Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th March 2021 15:49:54 Hours

පස්සරදී ප්‍රපාතයකට පෙරලුනු බස් රථයේ මඟීන් මුදවාගැනීමේ මෙහෙයුමට 112 පාබල බලසේනාවේ භටපිරිස් එක්වෙති

බදුල්ල - බිබිල ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ මඟි ප්‍රවාහන බස් රථයක් 2021.03.19 වන දින උදෑසන පස්සර ප්‍රදේශයේ පිහිටි 13 වන සැතපුම් කණුව අසලදී අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරලී ගොස් ඇති අතර, මේ වනවිට 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 112 පාබල බලසේනාවේ භටපිරිස් අනතුරට පත් මඟීන් මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වන ලදී.

මගීන් රැසක් සමගින් බස් රථය පෙරවරු 0700 පැයට පමණ බදුල්ලෙන් ගමන් අරඹා ඇති අතර පෙරවරු 0730 වන විට අනතුර සිදුව ඇති ස්ථානය වෙත ළඟා වී ඇත. මෙම අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති අතර මඟීන් 45 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇත. මේ පිළිබඳ දැනුවත් වූ විගස 112 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩී ඒ කේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි එම බලසේනාවේ භටපිරිස් මෙන්ම යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් යුහුසුළුව එම ස්ථානයට පැමිණ අනතුරට පත් බස් රථය තුළ සිරවී සිටි මඟීන් මුදවාගැනීමට සහ අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සිදුකිරීමට කටයුතු කළහ.