Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

11th March 2021 09:11:31 Hours

ආරක්ෂාක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරත වන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් එන් ආර් ලමාහේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021.03.05 වන දින ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සංචාරයක නිරතවිය.

ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨය වෙත සපැමිණි නව ආඥාපති තුමන්, එහි සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ කේ ජී කේ යූ ගුනරත්න එන්ඩිසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ආඥාපති තුමන් හට කඳවුරු සම්මාන මුරයක් පිරිනමන ලදි. රට වෙනුවෙන් දිවිපිඳු රණශූරයන් වෙනුවෙන් සාමයේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වු ආඥාපති තුමන් ශ්‍රිලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සමාගම් කාර්යාල, ස්මාර්ට් පන්ති කාමර සංකීර්ණය, පරිගණක විද්‍යාගාරය, භාෂා විද්‍යාගාරය සහ පුස්තකාලය නිරීක්‍ෂණය කරන ලදි.

චීන-ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී ආඥාපති තුමන් විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්,කෙඩෙට් නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් දශක ගණනාවක් තිස්සේ පැවති ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා යුද්ධ හමුදා විද්‍යා පීඨය විසින් සිදු කල සේවය ඇඟයීමට ලක් කළේය.