Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2021 08:34:58 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ක්‍රීඩාංගනයක් අලුත්වැඩියා කිරී‍මේ වැඩ ඇරඹීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගම්මානයක් වන මීමුරේ, ග්‍රාමයෙන් 20‍21.02.14 වන දින “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ තවත් අදියරක් ආරම්භ විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් මීමුරේ කයිකාවල කනිෂ්ඨ විද්‍යාලයේ පවතින අඩුපාඩුවක්ව පැවති දෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට හා පාසල් ක්‍රීඩාංගනය අලුත්වැඩියා කිරී‍මට යුද්ධ හමුදාව වෙත උපදෙස් ලබාදෙන ලදි.

ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි පාසල් ක්‍රීඩාංගනය අලුත්වැඩියා කිරීමේ වැඩකටයුතු 6 වන ඉංජිනේරු බලකාය විසින් ආරම්භ කරන ලදි.