Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

19th February 2021 08:21:25 Hours

මඩොල්සිම පුංචි ලෝකාන්තයේදී අතුරුදහන් වූ ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියාගේ මළ සිරුර සොයාගනී

ආරක්‍ෂක මුලස්ථානය (මධ්‍යම) බල ප්‍රදේශයට අයත් මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට ගොස් අතුරුදහන් වූ 35 හැවිරිදි ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියා සොයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකා භටයින් සහ 112 වන පාබල බලසේනාවේ භටපිරිස් අඛණඩව තෙවැනි දිනටත් අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ මෙහෙයුම් දියත් කළහ.

වැසි සහිත කාළගුණික තත්ත්වය හමුවේ විශේෂ බලකායේ භටපිරිස් සහ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ භටපිරිස් පොලීසිය සමඟ එක්ව අදාළ ප්‍රදේශයට පැමිණ අතුරුදහන් වූ පුද්ගලයා සොයා මෙහෙයුමක් දියත් කළහ. එහිදි පවතින අයහපත් කාළගුණ තත්ත්වය සමග අඩි 1200 ක් පමණ ගැඹුරු බෑවුමේ සේවීමේ කටයුතු භටපිරිස් විසින් ආරම්භ කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති තුමා, ආරක්‍ෂක මුලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරාල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධීක්‍ෂණය මත 112 වන බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මෙහෙයවීම යටතේ සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරන ලදි. 2021.02.09 දින සවස වනවිට ත්‍රිමාණ සජීවීකරණ ශිල්පියාගේ මළ සීරුර පුංචි ලෝකානතයට අඩි 1200 ක් පහළින් වූ ප්‍රපාතයේ තිබියේදී සොයගැනීමට විශේෂ බලකා සෙබළු සමත් වූහ.