Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th February 2021 20:06:38 Hours

12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබයි

12 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමන් 2021.02.11 වන දින මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ අතර, ඒ වෙනුවෙන් 2020.02.11 වන දින 12 වන පාබල සේනාංක මූලස්ථානයෙදී පිළිගැනීමේ උත්සවයක් සිදු කරන ලදි.

නි/61159 මේජර් ජෙනරාල් ආර් ඒ ඩි පි රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි එන්ඩීසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. 23 වන ගජබා රෙජිමේන්තු ඒකකයෙහි භටපිරිස් සහභාගිත්ව‍යෙන් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පවත්වා සේනාංකාධිපති තුමන් පිළිගැනීමෙන් අනතුරුව පාබල සේනාංක මූලස්ථානය ඉදිරිපිට අඹ පැලයක් රෝපණය කරනු ලැබු අතර, සේනාංකාධි පති තුමා විසින් භඨපිරිස් ඇමතීමක්ද සිදු කරන ලදී.