Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th January 2021 13:29:39 Hours

මෙම මුලයෙහි භකාස ශාඛාවේ මාණ්ඩලික නිලධාරි I (භකාස) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි භකාස ශාඛාවේ නව මාණ්ඩලික නිලධාරි I (භකාස) වශයෙන් ශ්‍රිලංකා යුද්ධ හමුදා සේවා බලකායට අයත් නි/62853 ලුතිතන් කර්නල් කේ ජි පි කේ කරුණාරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2021 ජනවාරි මස 22 වන දින පෙ:ව 0842 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සදහා භකාස ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිලධාරි/සෙසුනිළයින් විසින් නව මාණ්ඩලික නිලධාරි I (භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ව මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.