Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

25th January 2021 15:32:20 Hours

හේලිස් ඇග්රිකල්චර් පුද්ගලික සාමාගම වෙතින් සංවිධානය කරනු ලබන “හයිඩිංචියා මල් වගාව” හඳුන්වාදීමේ වැඩසටහන

ආරක‍්ෂක මාණ්ඩලික ප්‍රධානී/යුද්ධ හමුදාධිපති තුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය 2020.12.18 දින දියතලාව නවතමයෙන් ඉදිකරමින් පවතින යුද්ධ හමුදා සුභ සාධක වෙළඳසැල පරිශ්‍රයේ සංචාරයක නිරතවු අතර, එම අවස්තාවේදි ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මියගේ සංකල්පයකට අනුව දියතලාව යුද්ධ හමුදා සුභ සාධක වෙළඳසැල පරිශ්‍රයේ අලංකාර කිරිම සඳහා හයිඩිංචියා මල් වගාව රෝපණය කිරිමට උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව ආරක්ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මගපෙන්වීම යටතේ හේලිස් ඇග්රිකල්චර් පුද්ගලික සමාගම මඟින් සංවිධානය කරනු ලබන “හයිඩිංචියා මල් වගාව” හදුන්වා දීමේ වැඩ සටහනක් 2021.01.19 වන දින දියතලාව නවතමයෙන් ඉදිකරනු ලබන යුද්ධ හමුදා සුභ සාධක වෙළඳසැල පරිශ්‍රයේ පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා හේලිස් ඇග්රිකල්චර් පුද්ගලික සමාගමේ ප්‍රධාන කළමණාකරු අර්ජුන බාලසූරිය මහතා මෙන්ම නිෂ්පාදන කළමණාකරු උදය ප්‍රියදර්ශණ යන දෙපල මෙම මූල බ්‍රිගේඩියර් (පාලන/භාකාස) තනතුර හොබවන බ්‍රිගේඩියර් ටී එම් ජි ජි එස් තෙන්නකෝන් ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, මෙම වැඩමුළුව සඳහා මෙම මුලය යටතේ පාලනය වන පාබල සේනාංක, පාබල බලසේනාංක සහ ඒකක නියෝජනය කරමින් නිලධාරින් හා සෙසුනිලයින් කණ්ඩායමක් සහභාගි වන ලදී.