Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2021 16:14:37 Hours

12 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති තුමා සිය තනතුරෙ රාජකාරිය භාරදී නික්ම යන ලදී.

12 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී ඵම් ඵච් ඩී බන්ඩාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් නික්මයාම නිමිත්තෙන් සංවිධානය කරන ලද සමුගැනීමේ උත්සවය 2021.01.12 දින 12 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදි දී පවත්වන ලදී.

ඒ අනුව නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට 20 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයට අයත් භඨපිරිස් විසින් කඳවුරු මුරයක් සහ සම්මාන මුරයක් පිරිනමන ලදී. ඉන් අනතුරුව සියළු නිලයින් ආමන්ත්‍රණය කළ සේනාංකාධිපති තුමන් සිය ධුර කාලය තුල දී ලබා දුන් සහයෝගය පිළිබඳ ස්තූතිය පුද කරන ලද අතර, මෙම උත්සව අවස්ථාව සඳහා බලසේනාධිපති වරුන්, 12 වන සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරි, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වන ලදී.