Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2021 16:04:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි විදේශ ආරක්‍ෂක උපදේශකයින් පිරිසක් නිරීක්‍ෂන සංචාරයක නිරත වන ලදී.

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධයම බලප්‍රදේශය තුල විදේශ ආරක්‍ෂක නිලධාරින් පිරිසක් 2020.12.19 වන දින සිට 2020.12.20 යන කාල සීමාව තුල නිරික්‍ෂන සංචාරයක නිරත වන ලදි. 2020.12.19 වන දින විදේශ ආරක්‍ෂක නිලධාරින් මෙම මුලය වෙත පැමිණි අතර, එම විදේශ ආරක්‍ෂක නිලධාරින් ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමා වෙනුවෙන් බ්‍රිගේඩියර් (පාලන/භකාස) බ්‍රිගේඩියර් ටී එම් ජි ජි එස් තේන්නකෝන් ආර්ඩබ්ලිව්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

ඉන් අනතුරුව බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කේ ආර් කේ කේ ටී බංඩාර ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හා මෙම මූල ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විදේශ ආරක්‍ෂක නිලධාරින් සමඟ සාකච්ඡාවක් පවැත්වු අතර, එම සාකච්ඡාව අවසානයේ සමරු තිළිණ හුවමාරු කරගන්නා ලදි.