Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

18th January 2021 12:11:30 Hours

මෙම මුලයෙහි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි නව ප්‍රධන මාණ්ඩලික නිලධාරි 1 (සම්බන්ධීකරණ) තනතුර වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ගැමුණු හේවා බලකායට අයත්, නි/62956 ලුතිතන් කර්නල් ඊ ඩබ්ලිව් එම් ඩබ්ලිව් කේ බී අබේරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී පිඑස්සි ගැහේබ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 දෙසැම්බර් 28 වන දින 1014 පැයට යෙදුණු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව ප්‍රමානි 1 (සම්බන්ධීකරණ) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.