Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

01st December 2020 21:26:14 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යමහි ආඥාපති තුමන් සහ 8 වන ශ්‍රීලයුසේබ සහ 2 (සෙව්) ශ්‍රිලංවියාඉ යන ඒකකයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පී එන් කේ ජයපතිරණ ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සිය තනතුරෙහි වැඩ භාරගැනීමෙන් පසු 2020.11.26 වන දින 8 වන ශ්‍රිලංකා සේවා බළකාය, 2 වන සෙවෙච්ඡා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකා යන ඒකකයන් සහ ශ්‍රිලයුසේබ සැපයුම් බළඝනය, ශ්‍රිලංවියාඉ වැඩපොල යන බළඝනයන් වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

මෙම අවස්ථාවන් සඳහා 2 වන සෙවෙච්ඡා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකායේ අණදෙන නිලධාරි ඩි එල් ආර් එදිරිසංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 8 වන ශ්‍රිලංකා සේවා බළකායේ දෙවන අණදෙන නිලධාරි මේජර් පි එච් එස් කරුණාරත්න පීඑස්සි එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි වරුන් ආඥාපති තුමන්ව උණුසුම් අයුරින් පිළිගත් අතර, එම එකකයන් වෙතින් සිදුකරනු ලබන රාජකාරින් ආඥාපති තුමන් හට විස්තර කරන ලදී.