Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th November 2020 09:46:02 Hours

මෙම මුලයෙහි කර්නල් (පාලන/ භකාස) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි පාලන/ භකාස ශාඛාවේ නව කර්නල් (පාලන/ භකාස) නිලධාරි වශයෙන් කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත්, කර්නල් එන් පී හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී (නි/62148) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 නොවැම්බර් මස 14 වන දින පෙ:ව 0835 පැයට යෙදුනු සුභ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද, මෙම අවස්ථාව සඳහා පාලන/ භකාස ශාඛාවේ සියලු නිලධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් (පාලන/ භකාස) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.