Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

15th November 2020 09:17:32 Hours

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) නව ආඥාපති ලෙස අභිනවයෙන් රාජකාරි කටයුතු ආරම්භ කල මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.11.11, 12 දෙදින සිය බලප්‍රදේශයේ පිහිටි 11 වන පාබල සේනාංක මුලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිරික්‍ෂණ සංචාරයක නිරතවිය.

11 වන පාබල සේනාංක මුලස්ථානය වෙත සපැමිණි නව ආඥාපතිතුමන්, එම සේනාංක මුලස්ථාන ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සාම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් විසින් එම සේනාංකයේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳ නව ආඥාපතිතුමන් දැනුවත් කරන ලදී. පසුව, නව ආඥාපතිතුමන් 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙත සංචාර කළේය. සංචාරය අතරතුරදී ආඥාපති තුමන් විසින් ලක්‍ෂපාන විදුලි බලාගාරය, කොත්මලේ වේල්ල, අඟුණුවැල්පැලැස්ස යුද්ධ හමුදා පතරොම් ගබඩාව හා පල්ලෙකැලේ ඉදිවෙමින් පවතින නව යුද්ධ හමුදා රෝහල නිරීක්‍ෂණය කරන ලදි. මෙම සංචාරයට 11 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, සියලුම බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) යටතේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අණදෙන නිලධාරීන් සහභාගි වන ලදි.