Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

05th November 2020 16:29:08 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම හි ආඥාපතිතුමන් 121, පාබල බසේමු සහ යටතේ ඇති ඒකක වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි

ආරක්‍ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් රාජකාරී භාරගැනීමෙන් පසුව 2020.11.04 වන දින 121 පාබල බලසේනා මුලස්ථානය, 23 වන ගජබා රෙජිමේන්තුව, 20 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව හා 18 වන ගැමුණු හේවා රෙජිමේන්තුව වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

එහිදි 121 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති තුමන් හා ඒකක අණදෙන නිලධාරි වරුන් විසින් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ආඥාපති තුමන් විසින් කඳවුරු හා කඳවුරුවල භඨ නිවාස මෙන්ම මාර්ග බාධක වල රාජකාරීයේ නියුතු භට පිරිස්ගේ සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වය පවත්වාගෙන යන ආකාරය නිරීක්‍ෂණය කල අතර සංචාරය අතරතුර ආඥාපති තුමන් විසින් සිතුල්පව්ව විහාරස්ථානය වැදපුදාගෙන විහාරස්ථානයේ විහාරාධිපති තුමන්ද බැහැදකින ලදි.