Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

03rd November 2020 20:53:33 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) හි ආඥාපති තුමන් 12 පාබල සේමු 122, පාබල බසේමු සහ 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙත නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදී

ආරක්‍ෂක සේනා මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් එච් පි එන් කේ ජයපතිරණ ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් රාජකාරී භාරගැනීමෙන් පසුව 2020.11.02 වන දින 12 පාබල සේනාංක මූලස්ථානය, 122 පාබල බලසේනා මුලස්ථානය හා 3 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙත නිරීක්‍ෂණ සංචාරයක නිරත වන ලදී.

එහිදි 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, 122 පාබල බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති තුමන් හා 3 ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව අණදෙන නිලධාරි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි වරුන් ආඥාපති තුමන් උණුසුම් අයුරින් පිළිගත් අතර, ආඥාපති තුමන් විසින් කඳවුරුවල භඨ නිවාස මෙන්ම මාර්ග බාධක වල රාජකාරීයේ නියුතු භට පිරිස්ගේ සෞඛ්‍ය ආරක්‍ෂිත තත්වය පවත්වාගෙන යන ආකාරය නිරීක්‍ෂණයට ලක් කිරීමෙන් පසු සංචාරය සිහිපත් කරනු වස් විශේෂ අමුත්තන්ගේ පොතෙහි සටහන් තැබීමද සිදු කරන ලදි.