Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th October 2020 21:04:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය (මධ්‍යම) ආඥාපතිතුමන් තනතුරෙන් නික්මයාම.

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) ආඥාපති ලෙස රාජකාරි කරනු ලැබු මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2020.10.25 වන දින රාජකාරි භාරදීම් සිදුකර ආඥාපති තනතුරෙන් නික්මයන ලදි.

තවද, 18 ගැමුණු හේවා බලඇණි ඒකකයෙහි භටපිරිස් සහභාගිත්වයෙන් සම්මාන පෙළපාලියක් ආඥාපති තුමන් හට පිරිනමන ලදි. පසුව එම අවස්ථාව සඳහා සහභාගි වූ මෙම මූලය යටතේ පාලනය වන 11 පාබල සේනාංකය, 12 පාබල සේනාංකය, පාබල බසේමු/ ඒකකයන්හි රාජකාරි කරනු ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා මෙම මූල නිලධාරින් එක්ව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, ආඥාපති තුමන් කඳවුර තුල අඹ පැලයක් රොපණය කර සියළු නිලයින් ඇමතීමෙන් පසු සියළු නිලයින් එක්ව ආඥාපති තුමන් හට තේ පැන් සංග්‍රහයක් පවත් වන ලදි.