Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th October 2020 20:27:14 Hours

මෙම මුලයෙහි ප්‍ර ශාඛාවේ කර්නල් (සම්බන්ධීකරණ) තනතුර භාරගැනිම

ආරක්‍ෂක සේනා මුලස්ථානය (මධ්‍යම) හි ප්‍ර ශාඛාවේ නව කර්නල් (සම්බන්ධීකරණ) නිලධාරී වශයෙන් ශ්‍රි ලංකා ගැමුණු හේවා බලකායට අයත්, නි/62446 කර්නල් ඩබ්ලිව් එම් පී ඩබ්ලිව් එන් ඩී බී වීරකෝන් ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 ඔක්තෝබර් මස 26 වන දින පෙ:ව 0720 පැයට යෙදුනු සුභ මොහොතින් රාජකාරි භාරගන්නා ලදි.

මෙම ජ්‍යෙෂ්ඨ නිළධාරි ක්‍රියාන්විත ප්‍රදේශ ඇතුළු දිවයිනේ විවිධ ස්ථානයන් හි රාජකාරි ඉටු කර දැනුම් සම්භාරයකින් හෙබි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ. තවද මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ශාඛාවේ සියලු නිළධාරින් සහ ලිපිකරුවන් සහභාගි වු අතර, එහිදි සියලුම නිළයන් විසින් නව කර්නල් (සම්බන්ධීකරණ) ජ්‍යෙෂ්ඨ නිලධාරි මහත් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.