Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

27th October 2020 20:08:51 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් හල්දුම්මුල්ල කුමාරතැන්න ග්‍රාමයේ ඉදිකල නිවස සුභ මොහොතින් ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටි දුෂ්කර ගම්මානයක් වන බදුල්ල, හල්දුම්මුල්ල, කුමාරතැන්න ග්‍රාමයෙන් 2020.09.25 වන දින “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් එම ගම්මානය කඩිනමින් සංවර්ධනය කිරීමට ජනතාව වෙත පොරොන්දු වු අතර වන අලින් ගම් වැදීම හේතුවෙන් හානියට පත් නිවසක් වෙනුවට යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකරීම සඳහා උපදෙස් ලබා දෙන ලදි.

ඒ අනුව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම ආඥාපති තුමන්ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ දින දහඅටක් වැනි කෙටි කාලයක් තුල අංගසම්පූර්ණ නිවසක් ඉදිකල අතර එම නිවස මෙම මුල ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සුරතින් 2020.10.24 දින සුභ මොහොතින් ඔවුන් වෙත පරිත්‍යාග කරන ලදි.

අනතුරුව ආඥාපති තුමන් විසින් යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකල ක්‍රීඩා පිටියේ තත්වය නිරීක්‍ෂණය කල අතර ක්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් සමඟ කෙටි පිළිසඳරක නිරතවිය.