Header Sinhala

ආරක්ෂක සේනා (මධ්‍යම)

04th October 2020 22:35:39 Hours

යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් හල්දුම්මුල්ල කුමාරතැන්න විද්‍යාලයේ ඉදිකිරී‍මට නියමිත ගොඩනැගිල්ලට මුල්ගල තැබීම

ආරක්‍ෂක සේනා මුලස්ථානය මධ්‍යම බළප්‍රදේශයේ පිහිටා දුෂ්කර ගම්මානයක් වන බදුල්ල, හල්දුම්මුල්ල, කුමාරතැන්න ග්‍රාමයෙන් 2020.09.25 වන දින “ජනපති ගම සමඟ පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. එහිදී අතිගරු ජනාධිපතිතුමන් විසින් එම ගම්මානය කඩිනමින් සංවර්ධනය කිරීමට ජනතාව වෙත පොරොන්දු වු අතර එහි ප්‍රථම අධියර ගම්මානයේ දිගුකාලීන අවශ්‍යතාවයක් වු කුමාරතැන්න විද්‍යාලය සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් පාසලේ ගොඩනැඟිල්ලක් ඉදිකරීම සඳහා යුද්ධ හමුදාව වෙත උපදෙස් ලබා දෙන ලදි.

ඒ අනුව මෙම මුල ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ සුරතින් 2020.10.04 දින උදෑසන කුමාරතැන්න විද්‍යාල‍යේ ඉදිකිරීමට යොජිත නව ගොඩනැඟිල්ලට මුල්ගල තබන ලදි. අනතුරුව ආඥාපති තුමන් විසින් ජනාධිපති තුමන්ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මග පෙන්වීම යටතේ වන අලින් ගම් වැදීම හේතුවෙන් හානියට පත් නිවසක් වෙනුවට යුද්ධ හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකෙරෙන නව නිවස හා ක්‍රීඩා පිටියේ වත්මන් තත්වය නිරීක්‍ෂණය කරන ලදි. එම අවස්ථාව සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තුමන්, යුද්ධ හමුදා නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් හා ගම්වාසීන් සහභාගි වන ලදි.