04th October 2020 22:23:24 Hours
“සෞභාග්‍යයේ දැක්ම” සංකල්පයට අනුව රාජ්‍ය අංශයට බඳවාගත් උපාධිධාරීන් 50000 ක් වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහනේ අවසානය සනිටුහන් කරම්න් උපාධිධාරින් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය මධ්‍යම ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩී සී කේ කොස්තා ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්හට අවසන් වැඩසටහන සඳහා ආරාධනය කරමින් ආරාධනාපත්ර ලබාදුන් අතර ආඥාපති තුමන්ගේ සහභාගීත්වයෙන් වැඩමුළුවේ අවසන් දේශනය හා සහතිකපත් බෙදාදීමේ උත්සවය 2020.10.03 වන දින මෙම මූලය යටතේ පාලනය වන පුහුණු පාසල් හී දි පවත්වන ලදි.
රාජ්‍ය අංශය වෙත බඳවාගනු ලබන මෙම උපාධිධාරින්ගේ මානසිකත්වය බඳවා ගැනීමේ සිට විශ්‍රාම දිවිය දක්වාම යහපත් ලෙස පවත්වාගෙන යාමෙහි අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරමින් පවත්වනු ලබූ යුද්ධ හමුදා පුහුණු පාඨමාලාව නායකත්වය, කළමනාකරණය, අවධානය, විශ්වාසය සහ දිගුකාලීන හා කෙටිකාලීන අරමුණු සඳහා ඵලදායී හා කාර්යක්ෂමව කටයුතු කිරීමේ අරමුණු ඔවුන් තුල ඇති කරමින් පාඨමාලාව සාර්ථක ලෙස නිමා කරන ලදි. තත් අවස්ථාවන් සඳහා මෙම මුලය යටතේ පාලනය වන ඒකක, පුහුණු පාසල් අණදෙන නිලධාරින් සහ වැඩමුළුව සඳහා උපදේශක මඩුල්ල වශයෙන් කටයුතු කරනු ලබන නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහභාගි වන ලදී.